ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මීගමු දිසා ශාඛාවේ 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සහ ඊට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් 2020 පෙබරවාරි 04 දින මිනුවන්ගොඩ දී පැවැත්විණි.
මේ සදහා WOSM හි කමිටු සාමාජික නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා , මීගමු දිසා කොමසාරිස් ලක්ෂන් පෙරේරා මහතා , ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ පෙරේරා මහතා , සහකාර ප්‍රධාන කොමසාරිස් – (පෝතක) වත්සලා විජේවික්‍රම මහත්මිය, විශේෂ කොමසාරිස්වරුන් වන එම්.එෆ්. එස්. මුහීඩ් සහ චන්ද්‍රානි ප්‍රනාන්දු මහත්මිය,මීගමු සහය දිසා කොමසාරිස්වරුන්, බාලදක්ෂයින්, බාලදක්ෂ නායකයින් සහ දෙමාපියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ මානවක බාලදක්ෂ ඉරේෂ් මාලින්ද විසින් අනෙකුත් බාලදක්ෂයින්ගේ සහ නායකයින්ගේ සහයෝගය ඇතිව මෙම උත්සව සංවිධානය කළේය.