බාලදක්ෂ ප්‍රජා සේවාවේ සැබෑ අරුත එළිදකී

මෙතෙක් පිළිසරණක් නොමැතිව සිටි මවකට අව් වැසි පීඩාවලින් නිදහසේ තම ජීවිතය සැදෑ සමය ගෙවීමට නිවසක් පිළිසකර කරදෙමින් මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ අර්.එම්.සිනෙත් විදුරංග රස්නායක යන ජේෂ්ඨ බාලදක්ෂයා විසින් සංවිදනය කර නිමවා එම මාතාවට පිරිනැමීමේ ස්වර්ණමය මොහොත උදා විය.

පිළිසකර කරන ලද නිවස එම මාතාව වෙත ලබාදෙන සුබ මොහොතේ ගරු විහාරාධිපති ස්වාමීන්වහන්සේ එහි පැමිණි සිටි පිරිස පංච ශීලයේ පිහිට වූ අතර ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිතුමන් වන පී.තීලක්මන් පද්මසිරි මහතා සහ මීගමුව දිසාවේ දිසකොමසාරිස්තුමන් වන ලක්ෂාන් පෙරේරා මහතා ද ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණියහ.මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය බාලදක්ෂ ආචාර්යතුමන් හා මීගමු දිසාවේ සහය දිසාකොමාසාරිස්වරුන් සහ සහය බාලදක්ෂ ආචාර්යවරුන් මෙන්ම මානවක බාලදක්ෂ සමාජයද විද්‍යාලීය බාලදක්ෂ සමූහය ද අනුග්‍රාහක භවතුන් ද මේ සඳහා එක්ව සිටි අතර පවතින වාතාවරණයට අනුගත වෙමින් ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිමකරන ලදී.