
Covid'19 Pandemic Relief Project
මීගමුව දිසා බාලදක්ෂ සංගමයේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමුහයේ ජේෂ්ඨ බාලදක්ෂ බානුක හර්ෂජිත් සිල්වා තම සංවිධායක පදක්කම සදහා වූ ප්‍රජා සේවා ව්‍යාපෘතිය සදහා තුඩැල්ල ග්‍රාමයේ කොරෝනා (COVID’19) වසංගතය නිසා ඇතිවූ අගහිඟකම් නිසා පීඩාවට පත්ව සිටින, තෝරාගත් පවුල් 100 කට සහන සැලසීමට කටයුතු කරන ලදී.
දින කීපයකට ප්‍රමාණවත් වියලි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඖෂධ මෙහිදී බෙදාදී ඇත .
මෙම ව්‍යාපෘතිය දියත් කිරීම 2020 අප්‍රේල් මස 14 දින ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුකර ඇති අතර එම අවස්ථාවට සහය දිසා කොමසාරිස් සහ විද්‍යාලයීය බාලදක්ෂ නායක ජෝතිරත්න මහතා, සහය බාලදක්ෂ ආචාර්ය ඉරේෂ් මලින්ද මහතා සහ ජේෂ්ඨ බාලදක්ෂයින් සහභාගිවී ඇත.