ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට වසර 11 ක් පිරීම නිමිත්තෙන් සිදු කල බෝධි පූජා පින්කම

2021 පෙබරවාරි මස 19 වන දින මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සංගමය විසින් B.P තුමන්ගේ 164වන හා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ එකොළොස් වෙනි ජන්ම දිනය නිමිතිකරගෙ අළුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේදී  බෝධි පූජා පින්කමක්  සංවිධානය කර තිබිණි.

මේ සඳහා ජේෂ්ඨ බාලදක්ෂයින් හා මානවක බාලදක්ෂයින් පහළොස් දෙනෙකු පමණ සහභාගී වී තිබූ අතර මේ සදහා විද්‍යාලයීය විදුහල්පති තිලක්මන් පද්මසිරි මහතා හා සහය දිසාකොමසාරිස් / බාලදක්ෂ ආචාර්ය D.P.P. ජෝතිරත්න මහතා ද සහාය බාදක්ෂ ආචාර්යවරු ද සහභාගි වී තිබිණි.

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ ජේෂ්ඨ බාලදක්ෂ පී.ඒ.සංදුල විදත් විසින් සහය බාලදක්ෂ ආචාර්ය සංඛ ප්‍රභාත් ආචාර්යතුමන්ගේ අධීක්ෂණය යටතේ අනෙකුත් බාලදක්ෂයින්ගේ හා නායකයින් ගේ ද සහයෝගය ඇතිව මෙම බෝධි පූජා පිංකම සංවිධානය කර තිබිණි.